වව්නියාව, බෝගස්වැව හත්වන සිංහ රෙජිමේන්තු යුධ හමුදා කඳවුරේ සේවය කල හමුදා සෙබළෙකුට තුවාල සිදුකර ඔහුගේ ගිනි අවිය පැහැර ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
වව්නියාව මහේස්ත්රාත් අධිකරණය වෙත සැකකරුවන් ඊයේ (26) ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 09 වනදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් යුධ හමුදා සෙබළෙකු සහ ඊට හවුල් වු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පැහැර ගත් ගිනි අවිය සහ ජීව උණ්ඩ සහිත මැගසිනයද පොලීසිය විසින් සොයාගෙන තිබුණි.



