තලවකැලේ-නුවරඑළිය මාර්ගයේ නානුඔය, බංගලාහත ප්රදේශයේදී ඊයේ (26) දින වෑන් රථයක් හා ත්රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වු අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ ත්රීරෝද රථයේ රියදුරා වන නානුඔය ප්රදේශයේ පදිංචිව සිටි ආරියපාල නමැති 65 හැවිරිදි අයෙකි.
නුවරඑළිය දෙස සිට නානුඔය දෙසට ධාවනය වෙමින් තිබු ත්රීරෝද රථය තලවකැලේ සිට නුවරඑළිය දෙසට ධාවනය වු වෑන් රථයේ ගැටී තිබේ.
ත්රීරෝද රථයේ නොසැලැකිලිමත් ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් නානුඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.



