මන්නාරම, උයිලන්කුලම ප්‍රදේශයේ දී ඊයේ (26) රාත්‍රියේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කොට ඇති බව මන්නාරම පොලීසිය පවසයි.
වයස අවුරුදු 41ක් වු එම්.ධර්මරාසා නමැති පුද්ගලයෙකු වෙඩි වැදීමෙන් එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසූවේ.
අදාළ පුද්ගලයා සිය බිරිඳගෙන් වෙන් වී තනිව ජිවත්ව ඇති අතර, ඊයේ රාත්‍රියේ ඔහු රැඳී සිටි නිවස ඉදිරිපසදි වෙඩි තබා ඇත.
මන්නාරම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



