ඉන්දීය ධීවරයින් 14ක් නාවික හමුදා බාරයට

Share

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් 14 දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

 

එම ධීවරයින් සමග ඔවුන්ට අයත් ටෝලර් යාත්‍රා 03ක් ද සිය භාරයට ගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.

ඩෙල්ෆ් දූපතට උතුරු දෙසින් වු මුහුදු ප්‍රදේශයේ දී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ධීවරයින් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සදහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂවරයා වෙත භාරදීමට නියමිතයි.

Read more

Local News