මුව මස් සමඟ පුද්ගලයෙක් තණමල්විල දී අත්අඩංගුවට

Share

තණමල්විල, කුමාරගම හංදිය ප්‍රදේශයේ දී මුව මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

සූරියවැව පොලිස් විශේෂ කාර්යය බලකා නිළධාරීන් විසින් ලොරි රථයක් නවතා සිදුකළ පරීක්ෂාවකදී අදාළ මුව මස් කිලෝග්‍රෑම් 24යි ග්‍රෑම්750ක් සහ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සදහා උඩවලව ජාතික වනෝද්‍යානයේ වන සත්ත්ව අඩවි සහකාරවරයා වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සදහන් කළේය.

Read more

Local News