නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය සඳහා පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගම සූදානම් වෙයි.
කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගය තුළ මෙම ආයෝජනය සිදු කෙරේ.
ඇ.ඩො. මිලියන 250 ක විදේශ ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින් මහල් 30ක වාණිජ කුලුනක් ඉදිකිරීමට යෝජිත අතර නව නිවාස ඒකක 700 ක්ද ස්ථාපනය කෙරේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික කටයුතු හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස, අදාළ සමාගමට ආයෝජන කටයුතු සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට පසුගියදා අනුමැතිය හිමි විය.
මෙම ආයෝජනය සඳහා නුදුරේදීම අත්සන් කිරීමත් සමඟ ව්‍යාපෘතිය සඳහා අදාළ භූමිය එම සමාගමට බදු පදනම මත ලබාදීමට නියමිත අතර එහිදී බදු කුලිය ලෙස ඇ.ඩො. මිලියන 43 ක මුදල ශ්‍රී ලංකා රජය වෙත ලැබෙනු ඇත.



