මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් දෙදෙනෙක් අත්අඩංගුවට

Share

නාවික හමුදාව ‌සහ පොලීසිය එක්ව ඊයේ (28) දින ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදු කරනු ලබන මෙහෙයුමක්අ තරතුරදී ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේ ගමන්ගත් සැක කටයුතු ත්‍රීරෝද රථයක් නිරීක්‍ෂණය කර ඇති අතර, එහිදී එම ත්‍රීරෝද රථය පරික්‍ෂාවට ලක් කිරීමේදී ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයින් ලඟ තිබී හෙරොයින් ග්‍රෑම් 4 ක් පමණ සොයා ගැනීමට සමත්ව තිබේ.

තවද, සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මෙම සැකකරුවන් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කරුණු අනාවරණය කරගෙන ඇති අතර, එම සැකකරුවන් අවුරුදු 28 සහ 30 වන වියෙහි පසුවන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එම සැකකරුවන්, ත්‍රීරෝද රථය සහ හෙරොයින් ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු උප්පුවේලි පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Read more

Local News