පෙරහැරවල කරඞුවක් වැඩම කරවිය හැකි ඇතුන් ප්රමාණය පස් දෙනෙකුට සීමා වී ඇති බව දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්රදීප් නිලංග දෑල මහතා පවසයි.
මෙම තත්ත්වය හේතුවෙන් පෙරහැර කටයුතු සිදුකිරීම බරපතළ ගැටළුවක් වී ඇති බව ඔහු පෙන්වා දෙයි .
වැලිවේරිය ප්රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් දියවඩන නිළමේ ප්රදීප් නිලංග දෑල මහතා මේ බව කියා සිටියේ ය.



