ඝාතනයක් සම්බන්ධයෙන් සුඩා‍නයේ බුද්ධි අංශ නිලධාරීන් 29කට මරණ දඬුවම

Share

බුද්ධි අංශ නිලධාරින් 29 දෙනෙකුට සුඩාන රජය විසින් මරණ දඞුවම නියම කර තිබේ.

 

ගුරුවරයෙකු හට වද හිංසා පමුණුවා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අදාළ නිලධාරීන් 29 දෙනෙකුට එරට අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අහමඩ් අල් කයිර් නමැති 36 හැවිරිදි අදාළ ගුරුවරයා එරට හිටපු ජනාධිපති ඕමාල් අල් බෂීර්ගේ පාලනයට එරෙහිව පැවති විරෝධතා අතරතුර පසුගිය පෙබරවාරි මාසයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදි එම ගුරුවරයා නැගෙනහිර කස්සාල ප්‍රදේශයේ රැදවුම් මධ්‍යස්ථානයක් තුළ රඳවා වද හිංසා පමුණුවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

Read more

Local News