රටේ ජනතාව පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට අපේක්ෂාවෙන් සිටින බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
“ආසන්ම මැතිවරණ කාලය තුළ මැතිවරණයේ දේශපාලන සටන් බිමේ ඔවුන්ට මූණ දෙන්නට බැරි බව දැනගෙන ඔවුන් උත්සහ කරා නිරන්තරයෙන්ම අපේ අපේක්ෂයා අපේක්ෂකත්වයෙන් ඉවත් කරන්න. ඒ තරමටම නින්දිත ආකාරයෙන් ඔවුන් ක්‍රියාත්මක කරා.
දොස්තර රාජිතට බොහොම පැහැදිලිව මේ රටේ ජනතාව බුද්ධිය පහත් මට්ටමට දාපු එකට මේ රටේ ජනතාව ශාප කරනවා මොකද හේතුව, ඔහු මේ කිඹුලෙකුගේ කථාවක් ගෙනල්ලා රැවුල් දාගෙන මිනිස්සු ගෙනල්ලා.
ඔහු හිතුවා මේ රටේ ජනතාව අමු මැටිමෝල්ලු කියලා. එයා දැනගෙන හිටියේ නෑ එයා මැටිමෝලෙක් කියලා. එවැනි ප්‍රකාශයක් කරලා රටේ ජවතාව විහ්වාස කරයි කියලා.“ යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.



