නවදිල්ලියට අධික ශීත කාලගුණයක්

Share

ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට වසර 118කට පමණ පසුව බලපා ඇති අධික ශීත කාලගුණය හේතුවෙන් ඝන මීදුම් තත්ත්වයක් හටගෙන තිබේ.

 

1901 වර්ෂයෙන් පසුව නවදිල්ලියේ ශීතල අධිකම දෙසැම්බරය ලෙස මෙම මාසය වාර්තා අතරට එක්ව තිබේ.

මේ හේතුවෙන් දෘෂ්ටියේ අපහසුතා මතුවූ බැවින් ප්‍රදේශයේ ගමනාගමන කටයුතුද දැඩි ලෙස අඩපණවී තිබූ බව සඳහන්ය.

මීදුම හේතුවෙන් ගුවන් හා දුම්රිය ගමන්වාර රැසක් අවලංගුකර තිබු බව එරට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක පහට වඩා අඩු අගයක් ගත් බව එරට කාලගුණ වාර්තා සඳහන් කළේය.

Read more

Local News