නාවලපිටිය රක්ෂිතයක තිබි නාඳුනන පිරිමි මළ සිරුරක් සොයා ගනී

Share

නාවලපිටිය පොලිස් බල ප්‍රදේශයේ රක්ෂිතයක තිබි නාඳුනන පිරිමි මළ සිරුරක් අද (31) සොයා ගත් බව නාවලපිටිය පොලීසිය පැවසීය.

 

නාවලපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කලුගල්හින්න පතන රක්ෂිතයේ තිබී මෙම මළ සිරුර සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

කලුගල්හින්න ප්‍රදේශයේදි සුනඛයෙකු විසින් මනුෂයෙකුගේ දකුණු අතක් රැගෙන යන බව දුටු ප්‍රදේශවාසින් ඒ පිළිබඳව නාවලපිටිය පොලීසිය වෙත දැනුම් දීමෙන් පසු නාවලපිටිය පොලීසියේ නිලධාරින් විසින් අවට රක්ෂිතයේ සිදු කළ සොදිසි මෙහෙයුමකදී ගල් තලාවක් මත තිබී නරක් ව තිබු මළ සිරුර සොයගෙන ඇත.

වයස අවුරදු 50 – 60 අතර වන බවට සැකකෙරන පිරිමි මළ සිරුර සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර හඳුනා ගැනීමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණ සඳහා නාවලපිටිය දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නාවලපිටියි පොලීසිය පැවැසිය.

සිරුර සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News