කොට්ටාව නගරයේ දී පුද්ගලික ආරවුලක් මත ඊයේ (01) සවස පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.
පහර දීමෙන් තුවාල ලබා බරපතළ තත්ත්වයේ සිටි පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලීසිය පැවසීය.
මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය හෝමාගම රෝහලේ තැන්පත් කර ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර කොට්ටාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



