රාගම වෙඩි තැබීමක් – අයෙක් මරුට

Share

රාගම, කැන්දලියද්දපාළුව ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රීයේ සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

වාහනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට පොලීසිය සිදු කළ මූලික විර්ශනවලින් අනාවරණය වී ඇත.

වෙඩි තැබිම සිදු කළ පුද්ගලයා අද (02) අළුයම පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් රාගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Read more

Local News