හෙරොයින් සමඟ සැකකරුවෙක් පෑලියගොඩ දී මාට්ටු

Share

පෑලියගොඩ දී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 270 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

සැකකරු අද (02) දින අලුත් කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News