ජනතා ජයග්‍රහණයක් ලබාගත හැකි ශක්තිමත් එජාපයක් ඉක්මනින් බිහි කරනවා – රවී

Share

2020 දී ජනතා ජයග්‍රහණයක් ලබාගත හැකි ශක්තිමත් එක්සත් ජාතික පක්ෂයක් ඉක්මනින් බිහි කරන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

 

එලඹෙන නව පාසල් වාරය වෙනුවෙන් උතුරු කොළඹ සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පාසැල් ශුද්ධ පවිත්‍ර කිරීමේ අවස්ථාවකට එක්වෙමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“එක්සත් ජාතික පක්ෂය තුළ යම් යම් ගැටලු තිබෙන බවට කතා බහක් තිබෙනවා. ඒ ආකාරයෙන් පක්ෂය තුළ යම් ගැටළුවක් තිබෙනවා නම්, ඒ ගැන අපි විමසීමක් කරලා, සතියක් යන්නට මත්තෙන් විසදුම් ලබා දෙනවා.

ජනතා ජයග්‍රහණයක් ලබාගත හැකි ශක්තිමත් එක්සත් ජාතික පක්ෂයක් අපි ඉතා ඉක්මණින් සකස් කරනවා. හුදකලාවේ ප්‍රශ්න විසදන්න බැහැ.

ඒ නිසා අපි අපේ ප්කෂයේ සියලු දෙනා රැස් කරලා, සාකච්ඡා කරනවා. ඒ වගේම පක්ෂය තුල යම් ගැටළුවක් තිබෙනවානම්, එය පක්ෂ අභ්‍යන්තරයෙන්ම විසඳාගත යුතුයි.

එහෙම නැතිව හන්දි ගානේ කතා කරලා, විවේචනය කරලා, මාධ්‍ය සංදර්ශන ඇති කරලා වැඩක් නැහැ.

අපට රාජපක්ෂවරුන්ගෙන් ලබාගත හැකි ලොකුම පාඩම තමයි, එතුමාලා පරාජය වුණ දිනයේ පටන්ම ජයග්‍රහණය වෙනුවන් සැලසුම් කිරීම. ඒක අපි ආදර්ශයට ගත යුතුයි.

නමුත් අපේ පක්ෂයේ එක්කෙනෙක් දෙන්නෙක් අභ්‍යන්තරව ඊර්ෂ්‍යා සහගතව කටයුතු කිරීම තමයි මේ පක්ෂයේ පරාජයට හේතුව. මේ තත්තවයන් නිවැරදි කරලා. 2020 දී ජයග්‍රහණය කරා පක්ෂය ගෙනයාමට අපිකටයුතු කරනවා”

Read more

Local News