වව්නියාව ලංගම සේවකයින් වැඩ වර්ජනයක

Share

වව්නියාව, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝ රියදුරන් ඇතුළු ඩිපෝ සේවකයින් අද සේවයෙන් ඉවත්ව වැඩ වර්ජනයක නිරතවිණි.

 

පසුගිය රජය සමයේ දේශපාලන හිතවාදීන් පිරිසක් වෙත පමණක් ලබාදුන් උසස්වීම් වහාම ඉවත් කරන ලෙසට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ වෘත්තීය සමිතිය නියෝජනය කරන වව්නියාව ඩිපෝවේ වෘත්තිය සමිතියට අයත් සභාපතිවරයා ඉවත් කරන ලෙසට ඉල්ලීම් කරමින් ඩිපෝ සේවයින් වැඩ වර්ජනයේ නිරතවූ බව වාර්තා වේ.

බස් රථ රියදුරන් බස් රථ ධාවනයෙන් ඉවත්ව ඇති අතර, වව්නියාව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවට අයත් බස් රථ ඩිපෝවේ නවතා තිබිණ.

තම ගැටළුවට විසඳුම් ලැබෙන තෙක් තමන් අඛණ්ඩව වැඩ වර්ජනය කරන බවද වව්නියාව ඩිපෝ සේවකයින් පැවසූහ.

Read more

Local News