අභිරහස්ව මියගිය අලියෙකුගේ සිරුරු කොටස් හමුවෙයි

Share

වව්නියාව, සෙට්ටිකුලම ප්‍රදේශයේ ඉඩමක අභිරහස් ලෙස මරා පුළුස්සන ලද අලියෙකුගේ සිරුරු කොටස් කිහිපයක් අද(02) හමුවූ බව වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලය පවසයි.

 

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීට ලද තොරතුරක් මත සිදු කළ දැනුම්දීමකින් අනතුරුව එම ස්ථානය පරික්ෂා කිරීමේ දී සෙට්ටිකුලම නීරියාමොටෙයි ඉඩම් මායිමක තිබී පුළුස්සා දමන ලද අලියෙකුගේ ශේෂ කොටස් කිහිපයක් හමුවි තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉඩම් හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News