මසුන් ඇල්ලීමට යොදා ගන්නා ඩෙටනේටර් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (02) දින මන්නාරම ප්‍රදේශයේ සිදුකල සෝදිසි කිරීමකදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා ඩෙටනේටර් කිහිපයක් සොයා ගැනීමට සමත් විය.

 

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම මගින් සාගර පරිසර පද්ධතිය විශාල ලෙස විනාශයට පත්වන අතර, එය වැලැක්වීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

එවැනි මෙහෙයුමක් නාවික හමුදාව, පොලිස් දුෂණ මර්ධන ඒකකය හා එක්ව මන්නාරම ප්‍රදේශයේදී සිදුකල අතර, එහිදී මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර, එම පුද්ගලයා පරීක්‍ෂාවට ලක් කර තිබේ.

එහිදී, ඔහු සතුව තිබී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා විදුලි නොවන ඩෙටනේටර් 08 ක් සහ ආරක්‍ෂිත වෙඩි නුලක් සොයා ගැනීමට සමත් වන ලදී.

මෙම ඩෙටනේටර් සහ ආරක්‍ෂිත වෙඩි නුල් මසුන් ඇල්ලීම සඳහා සූදානම් කර තිබීයදී මෙලෙස සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 36 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, එම සැකකරු, ඩෙටනේටර් සහ ආරක්‍ෂිත වෙඩි නුල ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදී.

Read more

Local News