සුඩාන හමුදාවට අයත් ගුවන්යානාවක් ඩාෆූර් නගර සමීයේදී අනතුරට පත්ව තිබෙන අතර ඉන් එහි ගමන්ගත් පුද්ගලයින් 18 දෙනෙක් මියගිය බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
සුඩාන හමුදාවට අයත් ඇන්ටනොව් 12 වර්ගයේ යානාවක් ඩාෆූර් නුවරට බටහිරින් පිහිටි ප්‍රදේශයක් වෙත කඩාවැටී තිබේ.
අනතුර සම්බන්ධ නිවේදනයක් නිකුත් කළ සුඩාන හමුදාව පවසන්නේ, අනතුරින් මියගිය පිරිසෙන් හත්දෙනෙක් කාර්ය මණ්ඩල සාමාජිකයන් බවයි.
එමෙන්ම මියගිය පිරිස අතර සිවුදෙනෙක් කුඩා දරුවන් බවත් වාර්තා වෙයි.




