ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි 12 වර්ගයේ ගුවන් යානයක් හපුතලේ නගරයට කඩා වැටීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.
අදාල පරීක්ෂණ මණ්ඩලය මේ වන විටත් මූලික විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.
අද පෙරවරුවේ මෙලෙස කඩා වැටීමකට ලක්ව තිබුනේ වීරවිල නගරයෙන් පියාසැරිය ආරම්භ කළ ආවේක්ෂණ ගුවන් යානයක්.
අනතුරින් එහි ගමන් කළ ගුවන් හමුදා සෙබලුන් සිව් දෙනාම ජීවිතක්ෂයට පත්විය.
යානය කඩා වැටීමත් සමඟ එය ගිනි ගෙන තිබේ.



