මොණරාගල ඇතිමලේ පොලිස් බල ප්රදේශයේ යාල රක්ෂිතයේ කැබිලිත්ත දේවාලය ආසන්නයේ ඇති ඊරියගොල්ල රක්ෂිත ප්රදේශයේ වගා කර තිබූ විශාල ගංජා හේනක් වැටලීමට ඇතිමලේ පොලිසිය සමත්වී ඇත.
මෙම ගංජා හේන අක්කර දෙකක පමණ විශාල භූමි ප්රදේශයක වගා කර තිබී ඇති අතර එහි සරුවට වගා කර තිබූ උස අඩි හය ඉක්මවූ ගංජා ගස් දහතුන් දහසකට වැඩි ප්රමාණයක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
එහි වටිනාකමක රුපියල් ලක්ෂ එකසිය පනහකට අධික බව පොලිසිය පවසයි.



