හෙට මීගමුවේ ප්‍රදේශ කීපයකට වතුර නෑ

Share

මීගමුව, බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට හෙට (06) පෙරවරු 9.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන ජලාපවහන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව මීගමුව මහ නගර සභා බල ප්‍රදේශය, කොච්චිකඩේ, දූව, පිටිපන, දුනුගල්පිටිය, බාසියාවත්ත, පමුණුගම, කටාන බල ප්‍රදේශයේ කොටසක්, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක ගුවන් හමුදා කඳවුර හා කටුනායක ගුවන් හමුදා පරිශ්‍රය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

ජල පිරිපහදු මධ්‍යස්ථානයට කටාන ව්‍යාපෘතිය මගින් විදුලි උත්පාදකයක් සවි කිරීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබේ.

Read more

Local News