බලපත්‍ර නොමැතිව ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද (05) නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඊයේ (04) රාත්‍රී අත්අඩංගුවට ගත් රංජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් වැඩිදුර ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව ඔහු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
පෞද්ගලික ආරක්ෂාව සඳහා රජයෙන් ලබාදුන් ගිනි අවියට අදාළ බලපත්‍රය 2016 වසරෙන් පසු අලුත් නොකිරීම සහ ජීව උණ්ඩ ළඟ තබා ගැනීම යන චෝදනා යටතේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවේය.



