නාවික හමුදාව විසින් ඊයේ (04) දින ත්‍රිකුණාමලය බැක් බේ මුහුදු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස කටයුතු කරනු ලබන පුදගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මැඩලීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, එමඟින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන ජාවාරම්කරුවන් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර තිබේ.
එවැනි තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ත්‍රිකුණාමලය බැක් බේ මුහුදු ප්‍රදේශයේදී කොටු කර ගැනීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
මෙම ජාවාරම්කරු ධීවර කටයුතු සිදු කරන මුවාවෙන් ත්‍රිකුණාමලය බැක් බේ මුහුදු ප්‍රදේශයේ යාත්‍රාවක සිට ඇති අතර, එහිදී මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා යාත්‍රාවක් මඟින් මෙම සැකකටයුතු පුද්ගලයා පරික්ෂා කර ප්‍රශ්න කිරීමට ලක් කර ඇත.
එහිදී සිදු කල වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම පුද්ගලයා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කරුණු අනාවරණය කර ගෙන ඇති අතර, පසුව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු නාවික හමුදා භාරයට ගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වයස අවුරුදු 21 ක් වන ත්‍රිකුණාමලය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, අදාල සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රිකුණාමලය පොලිස් මූලස්ථානය වෙත භාර දීමට කටයුතු කරන ලදී.



