කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Share

නාවික හමුදාව සහ පොලිසිය එක්ව ඊයේ (04) යාපනය, කයිට්ස් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

මතින් තොර රටක් ගොඩනැගීමේ ජාතික මෙහෙවර සඳහා සක්‍රීය දායකත්වය සපයමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිසිය සමඟ එක්ව යාපනය, කයිට්ස් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.5 ක ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

මෙම සැකකරුවන් කේරළ ගංජා අලෙවි කිරීම සඳහා සුදානම්ව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරුවන් වයස අවුරුදු 23 ක් සහ 27 ක් වන කයිට්ස්, සංකනේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

තවද, මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර විමර්ශනයේ දී මෙම සැකකරුවන් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව ද හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ කේරළ ගංජා ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කයිට්ස්, පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Read more

Local News