මලයාලපුරම් ඝාතනය සම්බන්ධයෙන් 5ක් අත්අඩංගුවට

Share

කිලිනොච්චිය, මලයාලපුරම් ප්‍රදේශයේ දී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔවුන් ඊයේ (04) කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණට වෙත ඉදිරිපත් කළ බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

කිලිනොච්චිය මලයාලපුරම් ප්‍රදේශයේ දී පසුගිය 29 වැනිදා රාත්‍රියේදී 38 හැවිරිදි මුනියන්ඩි විග්නේශ්වරන් නමැති පුද්ගලයා කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් හෙට (06) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කිලිනොච්චිය වැඩබලන මහේස්ත්‍රාත් නියෝග කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News