යුද්ධයෙන් අතුරුදහන් වූවන් සොයාදෙන ලෙසට හා දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලීම් කරමින් වව්නියාවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් ඊයේ (04) වව්නියාව තැපැල් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතව ඇත.
අතුරුදහන් වූවන් සොයාදෙන ලෙසට ආරම්භ කළ උපවාසයට දින 1050ක් ගතවීම නිමිත්තෙන් හා මීට වසර 27 කට පෙර දේශපාලන සිරකරුවෙකු ලෙස අත්අඩංගුවට පත්ව සිරගතව සිටියදි ජිවිතක්ෂයට පත්වු සෙල්ලපිල්ලේ මහේන්ද්‍රන් සිහි කිරීම වෙනුවෙන් විරෝධතාවය සංවිධානය කොට තිබිණ.
අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ එකමුතුව හා සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක්ද විරෝධතාවයට එක්ව සිටියි.



