අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.
අමෙරිකානුවන්ට හෝ මැදපෙරදිග අමෙරිකානු වත්කම්වලට පහරදුනහොත් ඉරානයේ මර්මස්ථාන 52 කට ඉතා වේගවත් සහ ඉතා දැඩි ප්‍රහාරයක් එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ඉරානයේ සන්නද්ධ හමුදා නායක කසෙම් සොලෙයිමානි ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉරාකයේ බැග්ඩෑඞ් ජාත්‍යන්තර ගුවන්තොටුපල ආසන්නයේදී මියයාමේ සිද්ධියෙන් අනතුරුවයි.
කෙසේ නමුත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනපති ට්‍රම්ප් සඳහන් කළේ ඉරානයේ සංස්කෘතික සහ අනෙකුත් මර්මස්ථාන ප්‍රබල ප්‍රහාරයක් සඳහා ඉලක්ක කරගෙන සිටින බවයි.




