ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරු ලබන 07 වැනිදා කොළඹට කැඳවා ඇත.
විශේෂ සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන් වේ.
අනිද්දා (07) පෙරවරු 9.30ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණෙන ලෙස සියලු ආසන සංවිධායකවරුන්ට දැනුම් දී තිබේ.



