වඳුරඹ පොලිස් වසමේ ලේල්වල වත්ත ප්රදේශයේ කටුපොල් වගාවක ඊයේ (05) සවස හදිසි ගින්නක් හට ගෙන තිබේ.
වඳුරඹ පොලීසියට ලද තොරතුරක් මත වහාම ක්රියාත්මක වු පොලිස් නිලධාරීන් වැවිලි සමාගමට අයත් සේවකයින් ද එක්ව ගින්න පාලනය කර තිබේ.
ගින්න හේතුවෙන් අක්කර දෙකක පමණ භූමියක් විනාශ වී ඇතැයි ද පොලීසිය පවසයි.



