ඊයේ (05) රාත්රියේ යාපනය සිට කොළඹ බලා ධාවනය වු රාත්රි දුම්රියේ වව්නියාව තේක්කවත්ත ප්රදේශයේදී පුද්ගලයෙකු ගැටීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව වව්නියාව පොලීසිය පැවසීය.
වව්නියාව, කූමාන්කුලම ගම්මානයේ පදිංචි සුබ්රමනියම් නාගරාජා නමැති 36 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසිය.
මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වව්නියාව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
වව්නියාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



