අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්රාන්තයේ අධිවේගී මාර්ගයක සිදු වූ අනතුරකින් පස් දෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
වාහන කිහිපයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බව එරට වාර්තා සඳහන් කරයි.
සංචාරකයින් රැගත් බස් රථයක් විශාල ප්රමාණයේ ලොරි රථ තුනක් සහ මගී වාහනයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මේ අතර අනතුරින් පසුව අධිවේගී මාර්ගයේ කොටසක් වසා දැමීමට සිදු වූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.




