කිලිනොච්චිය, මුරුකන්ඩි ප්රදේශයේදී ඊයේ (05) රාත්රීයේ සිදුවු රිය අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මාන්කුලම පොලීසිය පවසයි.
අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසූවේ.
අනතුරින් යතුරුපැදිකරු වු කිලිනොච්චිය ශාන්තපුරම් ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 20ක් වු සුප්පයියා දර්ශන් නැමති තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.
මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
මාන්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



