නිකවැරටිය, ගනේගොඩ ප්‍රදේශයේ ගැහැණු දරුවෙකුට අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් වු සිදුවීමට පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
එහිදී පහර දීමට අදාළ වීඩියෝ දර්ශන ද රැගෙන පැමිණිල්ලක් කිරීම සඳහා පහර කෑමට ලක්වු දැරියගේ මිත්තණිය නිකවැරටිය මුලස්ථාන පොලිස් ස්ථානයට හා කොටවෙහෙර පොලිස්ථානයට ගොස් තිබිණි.
එම අවස්ථාවේ දී අදාළ පැමිණිල්ල සටහන් නොකර පැමිණිලිකාරිය ආපසු හරවා යැවීම සම්බන්ධයෙන් චෝදනාව ලද නිකවැරටිය පොලීසියට හා කොටවෙහෙර පොලිස්ථානයට අනුයුක්තව රාජකාරී කළ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් දෙදෙනෙකු රාජකාරී පැහැර හැරීමේ චෝදනාව මත නිකවැරටිය සහකාර පොලිස් අධිකාරී විසින් වැඩ තහනම් කර ඇත.



