ශ්‍රිලනිප‌යේ ආසන සංවිධායකවරුන් අද කොළඹට

Share

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අද (07) දිනයේ කොළඹට කැඳවා තිබේ.

 

නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ සාකච්ඡාවක් සඳහා ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවා ඇති බව සඳහන්.

පෙරවරු 09.30ට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී මෙම සාකච්ඡාව ආරම්භ වීමට නියමිතව තිබේ.

මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු සහ පක්ෂයේ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙල පිළිබඳව අවදානය යොමුකරනු ඇති බව වාර්තා ‌වේ.

Read more

Local News