මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට පෞද්ගලික ගිනිඅවි අවශ්‍ය නෑ

Share

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සඳහා පෞද්ගලික ගිනිඅවි අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

 

“අවුරුදු 25ක් මම පාර්ලිමේන්තුවේ ඉදලා තියෙනවා. මම කිසිම ගිනිඅවියක් අරගෙන ගිහිල්ලා නෑ. මගේ ආරක්ෂකයිනගේ ගිනිඅවි ප්‍රශ්නයක් තිබිලාත් නෑ.

ඒ හින්දා ම‌ගේ පුද්ගලික මතය නම් මෙච්චර මහජනතාය ඉදිරියට තුවක්කු නැතුව යන්න බැරිනම් ඒක ලොකු අඩුපාඩුවක්.

කථා කරනකොට කථා කරන්නේ පණ දෙනවා, දිවි දෙනවා, දෙපාමුල වැද වැටෙනවා කියලානේ වේදිකාවල කියන්නන්නේ. ඒකට අවස්ථාව දෙනකොට තුවක්කු අතට ගන්න හදනවා. ඒක බොරු වැඩක්. මම හිත්නනේ නෑ කිසි විදිහකින් තුවක්කු අවශ්‍යයි කියලා.“

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා මෙසේ ද පැවසීය.

Read more

Local News