ජාතික සමාජ සංවර්ධන ආයතනයේ සිසුන්ට සෞඛ්‍ය ඇමතිනියගෙන් පොරොන්දුවක්

Share

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ සිසුන්ට ජාතික හා අන්තර්ජාතිකව පිළිගත් උපාධියක් පිරිනෑමීමට කටයුතු කිරීම ජනපතිගේ රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලේ විශේෂිතම කරුණක් බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

 

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ හා උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවොත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (06) දින සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති ජාතික සමාජ සංවර්ධන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

ජාතික සමාජ සංවර්ධන ආයතනය ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්ව විද්‍යාලයක (කැළණිය විශ්ව විද්‍යාලය) උසස් අධ්‍යාපනය ආයතනයක් ලෙස අනුබද්ධ කිරීමේ අවශ්‍යතාවය හා වැදගත්කම යන්න තේමා කර ගනිමින් මෙහිදී අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ නිලධාරීන්, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙන් විශේෂ රැස්වීමක්  පැවැත්විනි.

මෙහිදී ප්‍රකාශ කෙරුනේ ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සදහා ජාතික හා අන්තර්ජාතික මට්ටමන් පිළිගන්නා උපාධියක් ලබාදීම පිළිබදව සති දෙකක පමණ කාලයක් ඇතුලත ස්ථිරසාර විසදුමක් ලබාදෙන බවයි.

මෙම උපාධිය අරමුණු කොට ගනිම්න් ශිෂ්‍ය සංගම් විසින් 2019 සැප්තැම්බර් 24 දින සිට දින 105 ක ශිෂ්‍ය අරගලයක් ද ක්‍රියාත්මක කොට තිබුණි.

මෙහිදි උත්සව සභාව අමතා අදහස් දැක් වු සෞඛ්‍ය අමාත්‍යවරිය,

“ඔබ ආයතනය ජාතික හා ජාත්‍යන්තරව පිළිගන්නා ආයතනයක් බවට පත්කිරීමට එකතුවීමට හැකිවීම ගැන ඉතා සන්‌තෝෂ වෙනවා.

අළුත් රටක් නිර්මාණය සදහාත්, “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව කටයුතු කිරීමටත් ජනාධිපතිතුමාට විශාල ජනවරමක් ලබාදී තිබෙනවා. මීට පෙර කිසිදු රාජ්‍ය නායකයෙක් සඳහන් නොකළ වැදගත් කරුණූ කිහිපයක් එහි තිබෙනවා.

විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් නොලබන දරු සම්පත පිළිබද විශාල සංවාදයක් රටේ තිබෙන නිසා එය විසදිම සඳහා වන ප්‍රතිඥාවක් එතුමා ලබා දී තිබෙනවා.

එනම් මෙවර සිට අ.පො.ස උසස් පෙළ සමත්වන විශ්ව විද්‍යාල සඳහා ප්‍රවේශ ලබන සියලු දෙනාහට උසස් අධ්‍යාපනය ලබාදීම සඳහා කටයුතු කරන බවට. මේ උපාධිය ජනාධිපතිතුමා මේ රට ඉදිරියට ගෙනියන වැඩපිළිවේලේ දී අත්‍යාවශ්‍යම උපාධියක් කියලා මා විශ්වාස කරනවා. රටක් ඉදිරියට ගෙනයෑමේ දී රටේ විසදිය යුතු ප්‍රන ගණනාවක් තිබෙනවා.

මෙහිදී පරිපාලන කෝණයකින් බලා විසදිය නොහැකි ප්‍රන තිබෙනවා. අපේ ප්‍රශ්න වලට විසදුම් දෙන මාධ්‍යයක්, පණිවිඩකරුවන් අවශ්‍යයයි. අපි අධ්‍යාපනය හැදෑරු කාලයට වඩා වර්තමානයේ තාක්ෂණය අතින් විශාල දියුණූවක් තිබෙනවා. එදා සමාජයට වඩා අද සමාජය වෙනස්. අද දරුවෝ මතට ඇබ්බැහි වෙලා තිබෙනවා. ස්වොත්සාහයෙන් නැගීටීමේ හැකියාව සමහර තැන්වල අඩු වෙලා තිබෙනවා.

සමාජ ව්‍යසන රට පුරා පැතිරෙන්න පටන් අරගෙන තිබෙනවා. ස්වභාවික විපත් වැඩිවෙමින් තිබෙනවා. මේ රට මේ තත්ත්වයෙන් ගොඩගන්න හැකි පිරිසක් ඉන්නවා.

දූගී දුප්පත් ජනතාව නගා සිටුවා ගැනීමට හැකි බව පහදා දිය හැකි ඒ සදහා පුහුණු කරපු චරිත කවුද, මේ රට පත්වෙලා තිබෙන මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් ගොඩගන්න ඒ සදහා අධ්‍යාපනය ලැබූ පිරිස කවුද, මේ රටේ ජනාධිපතිතුමා බලාපොරොත්තු වන ඒ පිබිදීම රටේ ඇති කරන්න අවශ්‍ය පිරිස කවුද, මම හිතනවා සමාජ වැඩ පිළිබදව උපාධිය ලබාගත් ඔබට මේ හිඩැස පුරවන්න පුළුවන්.

මේ රට නැගිටවන්න පුළුවන්. බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා කිවුව විදිහට මා විශ්වාස කරනවා ඉංග්‍රිසි දැනුමෙන් පරිපුර්ණ ශිෂ්‍යයෝ ලෝකයේ ඉහළම රැකියා අවස්ථා සදහා යනවා. පිටරටවල මෙවැනි උපාධිවලට විශාල ඉල්ලුමක් තිබෙනවා. මැදපෙරදිග ඇතුලු බටහිර රටවල ඉන්න ධනවත් පුරවැසියෝ කැමැති නැහැ මේ සමාජය සම්බන්ධයෙන් ඇතිවෙලා තිබෙන ගැටලුවට මැදිහත් වෙන්න. මම බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාට කිවුවා අපේ අමාත්‍යාංශය යටතේ තිබෙන මේ ආයතනයේ දරුවෝ විශාල පීඩාවක් විදිනවා.

මේ සම්පත් අමාත්‍යාංශය යටතේ තිබුනත් මේ රටේ මිනිසුන්ගේ බදුවලින් හදපු දේපල. මේවා කාටවත් අයිති දෙයක් නොවෙයි. ඔබතුමා මේ ආයතනය ඔබ තුමා යටතට පවාරාගෙන අපේ දරුවන්ට උපාධියක් ලබාදෙන්න. ඒ කටයුත්ත කරලා දෙන්න අපි එකතු වෙමු කියලා.

ඒ සදහා සම්පූර්ණ එකගතාවය ඇති කිරීම සහ ඒ සදහා කටයුතු කිරීම වෙනුවෙන් අමාත්‍යතුමාටත් මේ රටේ දරුවන්ට උපාධි ලබාදිය යුතුයි කියන ප්‍රතිපත්තිය, තීන්දුව ගත් ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මැතිතුමාටත් ස්තූතිය පුද කරන්න කැමැතියි.” යැයි වැඩිදුරටත් සඳහන් කළාය.

Read more

Local News