පාසල් සිසුවියන් 4කට ලිංගික අතවර කළ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

Share

අම්පාර ප්‍රදේශයේ පාසල් සිසුන් සිව් දෙනෙකුට ලිංගික අතවර කළ බවට සැකපිට වෛද්‍යවරයෙකු උහන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊ‌යේ (06) දින අම්පාර ප්‍රදේශයේ පාසලක සිසුවියන් කණ්ඩායමක් පසුදින පැවැත්වෙන මැරතන් තරඟයක් සඳහා ‌වෛද්‍ය වාර්තා ලබා ගැනීමට එම ප්‍රදේශයේ ‌රෝහලකට ‌යොමුකර ඇත.

එහිදී අදාළ වෛද්‍යවරයා විසින් වෛද්‍ය පරීක්ෂණය අතරතුර ලිංගික අතවර සිදු කිරීමක් සම්බන්ධයෙන් පැමැණිලි කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වු උහන පොලීසිය සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

ලිංගික අතවරයට පත්වු සිසුවියන් හා අදාළ සැකකරු අද (07) අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිලත් කිරීමට නියමිතයි.

උහන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News