සූරියවැව මනුෂ්‍ය ඝාතනයක්

Share

සූරියවැව පොලිස් වසමේ සූරියවැව නගරයේ රෝහල අසල මාර්ගයේ ලේ ගලමින් සිටි පුද්ගලයෙක් රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ.

 

තුවාලකරු දුටු පුද්ගලයෙක් තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ සහය ඇතිව සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව ‌පොලිසිය පැවසීය.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 50 ක පමණ පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.

මෘත ශරීරය මරණ පරීක්ෂණය සඳහා සූරියවැව රෝහලේ තැන්පත් කර ඇත.

මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවෙකු සූරියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධය සඳහා යොදා ගත් පිහිය ද පොලිස් බාරයට ගෙන ඇත.

Read more

Local News