නුගේගොඩ දී ලොරි රථයක් පෙරළී අනතුරක්

Share

නුගේගොඩ මංසන්ධියේදී අද (07) අලුයම ලොරි රථයක් පෙරළීයාමෙන් හයිලෙවල් මාර්ගයේ සහ ඒ අවට මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනයට බාධා එල්ල විය.

 

ලොරි රථය නුගේගොඩ සිට කොහුවල දෙසට හැරවීමට උත්සාහ කිරීමේදී මාර්ගය හරහා පෙරළී ගොස් තිබේ.

අනතුරින් කිසිඳු ජීවිත හානියක් වාර්තාවී නොමැති අතර මාර්ගයේ පැති බැමිවලට ඉන් සුළු හානි සිදුව ඇති බව වාර්තා ‌වේ.

Read more

Local News