ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඝාතනය වීමත් සමඟ, මැද පෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
මෙම අවස්ථාවේ දී උපරිම සංයමයකින් යුතුව කටයුතු කරන ලෙස අමාත්‍යංශයේ කළ නිවේදනයෙන් දන්වා ඇත.
කලාපයේ ස්ථායීතාවයට එල්ල වී ඇති මෙම තර්ජනය අවම කිරීම සඳහා ඵලදායී සංවාදයක් තුළින් සාමය හා
සුරක්ෂිතභාවය පවත්වා ගෙන යන ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවද විදේශ සබඳතා
අමාත්‍යාංශය දන්වා තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් මත සිදුවූ ප්‍රහාරයකින් ඉරාන හමුදා නායක කාසෙම් සුලෙයිමානි ඝාතනයට ලක්වූ බව වාර්තා විය.
ඉරාන හමුදා නායක කාසෙම් සුලෙයිමානිගේ අවමංගල්‍ය පෙරහැර ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරදී අති විශාල
ජනකායකගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්විය.
ජෙනරාල්වරයා මරණයට පත් වූයේ ඔහු ඉලක්ක කර බැග්ඩෑඩ් ගුවන්තොටුපොළට පසුගියදා එල්ල කළ අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින්.



