පසුගිය යහපාලන ආණ්ඩුව විසින් නීතීය අනිසි ලෙස භාවිත කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
පසුගිය දවසකට වෙඩි තැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතා ගැන ආන්දෝලනාත්මක කතා බහක් ඇති වු බවත් එහිදී මුසම්මිල් මහතා පැවසීය.
එම සිදුවීම සම්බන්ධයෙන් කථා කිරීමේ දී පොලිස්පතිවරයා විසින් වැරදිමකින් සිදුවු බවට පැමිණිල්ලක් දැමීමට යැයි උපදෙස් ලබා දෙන බවත් ඔහුගේ උපදෙස් මත රංජන් මන්ත්‍රීවරයා පැමිණිල්ල දමා ඇතැයි ද මුසම්මිල් මහතා කියා සිටියේය.
එවකට සිටි අගමැතිවරයා විසින් නළුවෙක් නිසාවෙන් ඒ අනුව හැසිරෙන ලෙස පවසා ඇතැයි කියා සිටි මුසම්මිල් මහතා අගමැතිවරයෙකු එවැනි බොරු පැමිණිල්ලක් දැමීමට පෙළඹවීම තුළින් රංජන් රාමනායක මහතා නීතිය සෙල්ලමකට ගෙන ඇති ආකාරය පෙනී යන බවත් පැවසීය.



