ළිඳට වැටීමෙන් ‌දෙදෙනෙක් ජිවිතක්ෂයට

Share

යාපනය, මීසාලෙයි හා යාපනය, නාවට්කුලි ප්‍රදේශයන්හිදි ළිඳට වැටීමෙන් වැඩිහිටියෙකු හා දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය චාවකච්චේරි පොලීසිය පවසයි.

 

පොලිසිය පැවසුවේ යාපනය මීසාලෙයි ප්‍රදේශයේදී වයස අවුරුදු 84ක් වේලුපිල්ලේ සතාශිවම් නමැති පුද්ගලයෙකු ළිඳකට වැටීමෙන් ඊයේ (07) ජිවිතක්ෂයට පත්ව ඇති අතර,

යාපනය නාවට්කුලි ප්‍රදේශයේදී ද වයස අවුරුදු හතක් වු ශෂිදරන් එඩ්වඩ් නැමති දරුවෙකු ළිඳට වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

ජිවිතක්ෂයට පත්වු වැඩිහිටි පුද්ගලයා නිවසේ තනිව සිටි අවස්ථාවක ළිඳට වැටී ඇති අතර, කුඩා දරුවා අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය සඳහන් කරයි.

යාපනය චාවකච්චේරි පොලිසිය සිදුවීම් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News