කේරළ ගංජා ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

Share

නාවික හමුදාව විසින් ඊ‌යේ (07) සිදු කල විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 15 කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් හයදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

 

මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන් නාවික හමුදාව ක්‍රියාත්මක කරනු ලැබූ තවත් මෙහෙයුමක් ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරන ලදී.

ඒ අනුව ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් නිරික්‍ෂණය කර ඇත.

එහිදී මෙම යාත්‍රාව පරික්‍ෂා කිරීමේදී යාත්‍රව තුල සඟවා තිබූ කේරළ ගංජා ‍කිලෝග්‍රෑම් 15 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, එහිදී යාත්‍රාවේ සිටි සැකකරුවන් පිරිස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

එම සැකකරුවන් වයස අවුරුදු 27, 28, 29, 31, 39 සහ 45 වන වියෙහි පසුවන බේරුවල සහ ගිංතොට ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ට්‍රෝලර් යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා හික්කඩුව, පොලීස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

Read more

Local News