ලැක්ටෝවත්ත ගැන සොයා බලන්න ජනාධිපති කොමිසමේ නිලධාරින් යයි

Share

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති විශේෂ කොමිසමේ නිලධාරින් වනාතවිල්ලුවට පැමිණ ලැක්ටෝ වත්ත සම්බන්ධ තොරතුරු ජනතාවගෙන් සහ රාජ්‍ය නිලධාරින් රැසකගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

 

අදාළ කොමිසමේ නිලධාරින් විසින් ඊයේ (07) වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරය වෙන් කර ගෙන එහි දී ලැක්ටෝ වත්ත අයත් කරඩිපුවල් ග්‍රාම නිලධාරි වසමේ කලින් සේවය කල ග්‍රාම නිලධාරිවරයාගෙන් හා දැනට එහි සේවයේ නිරත ග්‍රාම නිලධාරින්ගේ දිර්ඝ ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

ඒ සමඟම ලැක්ටෝ වත්ත ආසන්නයේ පදිංචි කපුවකු ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන කාන්තාවක් හා එම ලැක්ටෝ වත්ත ආසන්නයේ ම පදිංචි කරුවකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව වාර්තා වෙයි.

එහිදි මෙම ලැක්ටෝ වත්ත අයත් කරඩිපුවල් ග්‍රාම නිලධාරි වසම භාරව සිටි පොලිස් නිලධාරින් පිළිබඳවද, දිර්ඝ විස්තර සොයා බැලිමක් කර ඇති බව වාර්තා ‌වේ.

වනාතවිල්ලුව ලැක්ටෝවත්ත පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයින් පුහුණු විම සිදුවු ස්ථානයක් වන අතරම අක්කර 75කට ආසන්න මෙම ඉඩමේ නිවස ආසන්නයේ සගවා තිබු අධිබල පුපුරණ ද්‍රව්‍ය තොගයක් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් විසින් 2019 වසරේ ජනවාරි 16 දින සොයා ගෙන තිබුණේ මෙම ස්ථානයේ රැදි සිටි සැකකරුවන් සිව් දෙනෙකුද අත්අඩංගුවට ගනිමිනි.

කෙසේ නමුත් මෙම සිද්ධියෙන් පසුව 2019 පාස්කු ප්‍රාහාරයෙන් පසුව මෙම ලැක්ටෝ වත්ත අපරාධ පරික්ෂණ දොපාර්තුමේන්තු නිලධාරින් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරිනගේ දැඩි පරික්ෂාවට ලක්කර ගිනි අවි තොගයක් සොයා ගෙන තිබුණි.

නමුත් පසුව අවස්ථා තුනකදි කිසියම් පිරිසක් රහසේ මෙම ඉඩම තුළ කැණිම් කරමින් කිසියම් දෙයක් සොයන්නට වෙහෙසි ඇති බව ආරක්ෂක අංශ සනාථ කර ගෙන තිබුණි.

මෙම සිද්ධියත් සමඟ අවස්ථා කිපයක් රජයේ රස පරික්ෂකවරයාගේ පරික්ෂාවට මෙම ලැක්ටෝ වත්ත ලක්වි තිබුණි.

Read more

Local News