ඉරානයේ දී අනතුරට ලක්වූ යුක්‍රේන ගුවන් යානයේ සිටි සියලු දෙනා මියගොස් ඇති බව ඉරාන වාර්තා පවසයි.
මගීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 170ක් රැගත් යුක්‍රේනයට අයත් මගී ප්‍රවාහන ගුවන්යානාව අනතුරට පත්වුණේ ඉරානයේ ටෙහෙරාන් ගුවන්තොටුපොළ සමීපයේදීයි.
අනතුරට පත්වන අවස්ථාවේදී බෝයිං 737 වර්ගයට අයත් යානාව ටෙහෙරාන් නුවර ඉමාම් කමෙයිනි ගුවන්තොටුපොළේ සිට යුක්‍රේනයේ කිව් ගුවන්තොටුපොළ බලා පියාසර කරමින් පැවැතියේය.
යානාව ගුවන්ගත කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසුව එය රේඩාර් තිරයෙන් මැකීගොස් ඇති අතර පසුව අනතුරට පත්ව ඇති බවට සොයා ගැණුනි.




