පූජිත්ට එරෙහි නඩුවක විමර්ශන කටයුතු අවසන් බව අධිකරණයට දැනුම් ‌දෙයි

Share

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරිමේ චෝදනාවලට අදාලව සිදුකරන විමර්ශන කටයුතු අවසන් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දි තිබේ.

 

අදා‍‍‍ළ නඩුව අද (08) කැදවු අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ අදාල සිදුවීම සම්බන්ධයෙන් පුජිත් ජයසුන්දර මහතාට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු නොකරන්නේ නම් වෙනත් අධිකරණයක් හමුවේ නඩු පවරන්නේ ද යන්න සම්බන්ධයෙන් වන කරුණු ඇතුලත් අවසන් වාර්තාව ලබන මාර්තු 18 වනදා අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව නඩුව ලබන මාර්තු මස 18  වනදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර තිබේ.

සැකකාර පුජිත් ජයසුන්දර මහතා ඒ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියහොත් ඔහු එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබේ.

Read more

Local News