ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකක් වෙත එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයෙන් අමෙරිකානුවන් 80දෙනෙකු මියගොස් ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ නමුත් අමෙරිකාව තවමත් ඒ සම්බන්ධ කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
ඉරාකයේ බැග්ඩෑඩ් නුවර සහ එර්බිල් හමුදා කදවුරු ඉලක්ක කර බැලැස්ටික් මිසයිල ප්‍රහාර රැසක් එල්ල කිරීමට ඉරානය කටයුතු කර තිබේ.
ප්‍රහාරයේ වගකීම බාරගනිමින් ඉරාන විප්ලවීය හමුදාව පවසන්නේ, මෙය පසුගියදා අමෙරිකානු ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ හමුදා ප්‍රධානී ජෙනරාල් කාසිම් සොලෙයිමානි වෙනුවෙන් පළිගැනීම සදහා එල්ල කළ ප්‍රහාරයක් බවයි.
අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ද ප්‍රහාරය තහවුරු කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ප්‍රහාරවලින් සිදුවූ පුද්ගල හෝ දේපළ හානි පිලිබදව මෙතෙක් අනාවරණය වී නොමැත.
කෙසේ නමුත් ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රහාරවලින් අමෙරිකානුවන් 80දෙනෙක් මියගොස් ඇති බවයි.




