පළාත් කිහිපයකට අදත් වැසි

Share

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථානවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මිදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News